HadeethEnc · 1.24.0
කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී ගියේය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී යන්නේය.”
අබූ දාවූද් තුමා මීට අමතරව “ෂෙයිතාන් තවත් ෂෙයිතානුවකු දෙස බලා: “යහමග පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; ආරක්ෂාව සලසනු ලැබූ පුද්ගලයකු ඔබ සතු කර ගත හැක්කේ කෙසේ ද?” යැයි විමසයි.”
02
Explanation
සැබැවින්ම මිනිසකු තම නිවසින් පිට වන විට “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසා සිටියේ නම්, දේව දූතයකු මෙසේ පවසයි: ‘අහෝ අබ්දුල්ලාහ්! ඔබ සත්යයේ මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය. ඔබේ අපේක්ෂාවන් ඔබට ප්රමාණවත් විය. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබිණ යැයි පවසයි. එවිට ඔහු වෙත නැඹරු වූ ෂෙයිතාන් ඔහුගෙන් දුරස් වන්නේය. ෂෙයිතානුවෙක් තවත් ෂෙයිතානුවෙකු බලා: “මඟ පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; සියලු ෂෙයිතානුන්ගෙන් ආරක්ෂා කරනු ලැබූ මිනිසෙකු මුළා කරන්නට ඔබට හැකි වන්නේ කෙසේද? සැබැවින්ම ඔහු මෙම අනුවාදය ප්රකාශ කර ඇත. එබැවින් ඒ සඳහා නුඹ ශක්තිය නොදරනු ඇත.” යැයි පවසයි.
Attribution
[ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

