HadeethEnc · 1.24.0
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
තාරික් ඉබ්නු ෂිහාබ් අල් බජ්ලී අල් අහ්මසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනක් යෑමට සූදානම්ව සිටියදී මිනිසෙකු එතුමාගෙන් ‘කුසලින් වඩාත් අධික, පරිශ්රමය කුමක්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් කරුණ දන්වා සිටියේය. එය අපරාධකාරී පාලකයකුහට යහපත නියෝග කිරීම හෝ අයහපතින් ඔහුව වැළැක්වීමය. ජිහාදය යනු දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කිරීම මත පමණක් සීමාවූවක් නොවන්නේය. එයට තරාතිරම් ඇත. සඳහන් කරනු ලැබ ඇත්තේ ඒ සියල්ල අතරින් වඩාත් කුසල් ලැබෙන ජිහාදයයි. ඊට හේතුව පාලකයාගේ නපුරුකම් හේතුවෙන් ඝාතනය කරනු ලබන්නට හෝ සිරගත වන්නට හෝ ඉඩ ඇති බැවින් හා ඒ සඳහා ආමන්ත්රණය කරන අයද ස්වල්පයක් වීමය.
Attribution
[ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

