“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.” (අල් කුර්ආන් 71:23) යන අල්ලාහ්ගේ ප්ර්කාශය ගැන ඉබ්නු අබ්බාස් තුමා: මේවා නූහ් තුමාගේ ප්රජාවේ දැහැමියන් අතර සිටි මිනිසුන්ගේ නම් වෙතැයි පැවසීය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.” (අල් කුර්ආන් 71:23) යන අල්ලහ්ගේ ප්රකාශය ගැන ඉබ්නු අබ්බාස් තුමා: මේවා නූහ් තුමාගේ ප්රජාවේ දැහැමියන් අතර සිටි මිනිසුන්ගේ නම් වෙති. ඔවුන් නැසී ගිය කල්හි, ෂෙයිතාන් ඔවුන්ගේ සමූහයා වෙත ඔවුන් වාඩි වී සිටි ඔවුන්ගේ සභාවන්හි (සංඛේතවත් කරමින්) ස්මාරක සිටවා ඔවුන්ගේ නම් ඒවාට යොදන මෙන් සැළ කළේය. ඔවුහු එසේ සිදු කළහ. ඒවා නැමදුමට ලක් වූයේ නැත. නමුත් ඔවුන් ද නැසී ගිය පසුව එම සංඛේතවත් කිරීම අමතක වී ඒවා නැමදුම් ලක්විය.”
Explanation
Benefits
පිළිරූ තැනීමෙන් හා පින්තූර එල්ලීමෙන් වැළකී සිටිය යුතුය. විශේෂයෙන් මහත්මයන්ගේ පින්තූර.
ෂෙයිතාන්ගේ කුමන්ත්රණයෙන් හා සත්ය ස්වරූපයෙන් වූ ඔහුගේ ව්යාජ මැදිහත්වීමෙන් ප්රවේසම් වීම.
නව මුහුණුවරක් අලුත් පිළිවෙතක් එය සිදු කරන්නාගේ අරමුණ යහපත් වුව ද එවැන්නක් ආරම්භ කිරීමෙන් වැළකී සිටීම.
පිළිරූ තැනීම දේව ආදේශය වෙත රැගෙන යන මාධ්යයකි. එබැවින් ජීවය ඇති දෑ පිළිරූ බවට තැනීමෙන් වැළකී සිටීම අනිවාර්යය වේ.
දැනුම ලැබීමේ ප්රමාණය හා එය අහිමි වීමේ නපුරු විපාකය හඳුනා ගැනීම.
දැනුම අහිමි වීමට හේතුවක් වන්නේ විද්වතුන් මරණයට පත්වීමය.
අන්ධානුකරණයෙන් වැළකී සිටීම. සැබැවින්ම එය ඊට අදාළ පුද්ගලයින් ඉස්ලාමයෙන් බැහැර කිරීමට නැඹුරුතාවක් ඇති කරයි.
බහු දේවවාදය හඳුන්වා දෙන ලද්දේ පෙර පැවති සමූහයන් තුළිනි.
සඳහන් කරන ලද මෙම නම් පහ නූහ්ගේ ජනයා නැමදුමට ලක්කළ දෑ අතරින් විය.
ව්යාජ ජනයා ඔවුන්ගේ ව්යාජත්වය මත එකිනෙකා සහය දීම හා උරදීම ගැන පැහැදිලි කිරීම.
පොදු තාවයකින් යුතුව දේව ප්රතික්ෂේපිත විරෝධීන්ට එරෙහිව ප්රාර්ථනා කිරීමෙහි අවසරය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

