HadeethEnc · 1.24.0
“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
02
Explanation
තම ප්‍රජාව අතර දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට දුෂ්කර කාර්යයක් වනු ඇතැයි තමන් බිය නොවී නම්, සෑම සලාත් වාරයකම සිවාක් මගින් දත් මැද කට පිරිසිදු කරන මෙන් ඔවුනට නියෝග කර සිටින බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
03
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තම ප්‍රජාව කෙරෙහි තිබූ කරුණාව, ඔවුනට දුෂ්කරතා ඇතිවනු ඇතැයි එතුමාණන් තුළ තිබූ බිය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යම් නියෝගයක් නිකුත් කළේ නම් එය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. එහෙත් එය අනිවාර්ය නොවන බවට යම් සාධකයක් තිබුණේ නම් මිස.
දත් මැද පිරිසිදු කිරීම සතුටු දායක වන අතර, සෑම සලාතයක් සඳහාම එසේ සිදු කිරීම උතුම් කටයුත්තකි.
ඉබ්නු දකීක් අල් ඊද් තුමා මෙසේ පවසයි: සලාතය සඳහා නැගිට සිටින අවස්ථාවේ දත් පිරිසිදු කිරීම සතුටු දායක වීමේ ප්‍රඥාව නම්, එය අල්ලාහ් වෙත සමීප වන අවස්ථාවක් වන බැවිනි. එබැවින් නැමදුමට කරන ගෞරවයක් ලෙස පූර්ණ පිරිසිදු භාවයකින් යුතුව පෙනී සිටිය යුතු වේ.
උපවාසය රකිනකු පවා, දහවල් කාලයෙන් පසු වුව ද ලුහර් හා අසර් සලාතය වැනි සලාත් සඳහා දත් මැද පිරිසිදු කිරීම සතුටු දායක බව මෙම හදීසයේ ඇතුළත් පොදු අදහසින් පෙන්වා දෙයි.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares