HadeethEnc · 1.24.0
“අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය. එහි පහළ කොටසේ සිටින්නන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නොකර අපගේ කොටසෙහිම අපි විවරයක් සාදා ගත්තේ නම් මැනව’ යැයි පැවසුවෝය. මොවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මොවුන් අත්හැර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනාම විනාශ වී යනු ඇත. නමුත් ඔවුහු මොවුන්ගේ අත්වලින් අල්ලාහ් ගත්තේ නම්, ඔවුන් ද දිවි ගලවා ගන්නා අතරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.”
02
Explanation
අල්ලාහ්ගේ සීමාවන් තුළ ක්‍රියා කරන්නන් යනු අල්ලාහ්ගේ නියෝග මත ස්ථාවරව සිටින්නන්ය. යහපත විධානය කොට අයහපතින් වළක්වන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපමාවක් ගෙනහැර පෑහ. එමෙන්ම අල්ලාහ්ගේ සීමාවන්ගෙන් ඉවතට වැටෙන්නන් යනු යහපත විධානය කිරීම අත්හැර දමා අයහපත සිදු කරන්නන් හට ද උපමා ගෙන හැර පෑහ. එහි බලපෑම ප්‍රජාවේ සාර්ථකත්වයයි. එනම් එය නැවක ගමන් කරන පිරිසක් මෙනි. නැවේ ඉහළ මහලේ සිටින්නේ කවුද? එහි පහළ මහලේ සිටින්නේ කවුදැයි තෝරා ගැනීමට ඔවුහු කුසපත් ඇද්දෝය. ඒ අනුව ඔවුන්ගෙන් පිරිසකට ඉහළ මහල ද තවත් පිරිසකට පහළ මහල ද හිමි විය. පහළ මහලේ සිටින්නන් හට ජලය ඇද ගැනීමට අවශ්‍ය වූ විට, ඔවුනට ඉහළින් සිටින්නන් වෙත යාමට සිදු විය. පහළ මහලේ සිටින අය 'අපට ඉහළින් සිටින්නන් හට කරදර නොකර, අපගේ මේ පහළ ස්ථානයේම විවරයක් සාදා ජලය ලබා ගනිමු' යැයි පැවසුවෝය. ඉහළ සිටින්නන් එය සිදු කරන්නට ඔවුනට ඉඩ දී බලා සිටියේ නම්, නැවත් සමගම ඔවුන් සියලු දෙනාම ගිලී යනු ඇත. මොවුන් ඔවුන් ව එයින් වැළැක්වූයේ නම්, ඔවුන් නතර කළේ නම් දෙපිරිසම මිදෙනු ඇත.
03
Benefits
සමාජය ආරක්ෂා කරනු පිණිසත්, ඔවුන් මුදවාගනු පිණිසත් යහපත විධානය කිරීමේ හා අයහපතින් වැළැක්වීමේ වැදගත්කම
සිතට හැඟෙන අයුරින්, බුද්ධියට වැටහෙන අයුරින් උපමා ගෙන හැර පෑම ඉගැන්වීමේදී පිළිපැදිය යුතු ක්‍රියා මාර්ගයකි.
ප්‍රසිද්ධියේ සිදුවන පිළිකුල් සහගත ක්‍රියාවක් නො වැළැක්වීම නපුරකි. එහි හානිය සියලු දෙනා හටම නැවත හැරී එනු ඇත.
සමාජයේ විනාශය පෙළ ගැසෙනුයේ, වැරදි කරන මිනිසුන් හට මහපොළොවේ දුෂ්ටකම් කරමින් ජීවත් වීමට ඉඩ දී බලා සිටීමය.
ක්‍රියා දාමයන් විධිමත් විමට, වැරදි හැසිරීම් සමග වන යහපත් චේතනා ප්‍රමාණවත් නොවේ.
යමක් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් නො පවරා, එය බෙදා ගැනීම මුස්ලිම් සමාජයේ වගකීම වන්නේය.
නිශ්චිත පිරිසක් කරන වැරදි හේතුවෙන් ඔවුන් ඉන් වළක්වනු නොලැබුවේ නම්, දඬුවම පොදුවේ සමස්තයටම පහළ වන්නේය.
වැරදි කරන්නෝ කුහක මිනිසුන් මෙන් තම නපුර සමාජයට යහපතක් සිදුවන්නාක් සේ පෙන්වා ගනියි.

Attribution
[رواه البخاري]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares