افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3313[صحيح]
HadeethEnc · 1.24.0

කවරෙකු මා මේ වුළූ ධෝවනය කළ පරිදි වුළූ ධෝවනය කර, පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර, ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමාගේ සේවකයකු වූ හුම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා (මගෙන්) ජලය ඉල්ලා සිටියේය. පසුව එතුමා එම බඳුනින් තම දෙඅත්ලට ජලය වක් කර තුන් වරක් සෝදා ගෙන; පසුව ජල බඳුනට දකුණත දැමුවේය. පසුව කට කලත්වා නාසයට ජලය යවා හොඳින් පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන් වරක් සේදූවේය. පසුව තම දෙඅත් වැළමිට දක්වා තුන් වරක් සේදූවේය. පසුව තම හිස (ජලයෙන්) පිරිමැද්දේය. පසුව සෑම පාදයක්ම වළලු කර දක්වා තුන් වරක් සේදූවේය. පසුව හෙතෙම ‘මා මේ කළ වුළූ ධෝවනය මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වුළූ කළ සැටි මම දැක ඇත්තෙමි’ යැයි පැවසීය. තවදුරටත් එතුමා: කවරෙකු මා මේ වුළූ ධෝවනය කළ පරිදි වුළූ ධෝවනය කර, පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර, ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි පවසා සිටියේය.
02

Explanation

ඉතා පැහැදිලිව වටහා ගනු පිණිස උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළු ගත් අයුරු ප්‍රායෝගිකව ඉගැන්වීය. භාජනයක ජලය ගෙන්වා ගෙන තම අත් දෙකට තුන් වරක් ජලය වක් කළේය. ඉන්පසු ඔහුගේ දකුණත ජල බඳුනට දමා, ඉන් ජලය ගෙන තම කට තුළ දමා සෝදා එළියට විසි කළේය. ඒ සමගම තම නාසය තුළට ද ජලය ගලා යන්නට සළස්වා සෝදා ගෙන පසුව එය එළියට බැහැර කර පිරිසිදු කර ගත්තේය. පසුව තම මුහුණ තුන් වරක් සෝදා ගත්තේය. පසුව තම අත් දෙක වැළමිට දෙක දක්වා තුන්වරක් සෝදා ගත්තේය. පසුව තෙත් අති් තම හිස මත එක් වරක් පිරිමදින්නට ගත්තේය. පසුව තම පාද දෙක වළලු කර දෙක ඇතුළුව තුන් වරක් සෝදා හැරියේය.

එම සහාබිවරයා තම වුළූ ධෝවනය අවසන් කර ගත් කල්හි, සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මේ අයුරින් වුළු ගත් සැටි තමන් දැක තිබෙන බවත් කවරෙකු එතුමාගේ වුළු ධෝවනයට සමාන ව වුළු ගෙන පසුව රකආත් දෙකක් තම සිත පරමාධිපති අබියස අවංක හා භක්තිමත්ව ඉදිරිපත් කරමින් ඉටු කළේ ද ඔවුනට ශුභාරංචි දන්වා ඇති බවත් පවසා සිටියේය. සැබැවින්ම මෙම වුළු ධෝවනය සහ අවංකව හා පරිපූර්ණව ඉටු කරනු ලබන මෙම සලාතය තමන් කළ පෙර පව් සඳහා සමාව හිමිවන ප්‍රතිකර්ම දෙකක් වශයෙන් අල්ලාහ් ඔහුට තිළිණ කරනු ඇත.
03

Benefits

නින්දෙන් අවදි වූ තත්ත්වයක පසු නොවුව ද වුළුෑ ධෝවනය ආරම්භ කිරීමේ දී භාජනයට දෑත් දැමීමට පෙර සෝදා ගැනීම සතුටුදායකය. නමුත් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අයකු නම්, දෑත් සෝදා ගැනීම ඔහුට අනිවාර්යය වේ.
අවබෝධය හා ගැඹුරු දැනුම වෙත යොමු කරන ආකාරයේ කෙටි මාර්ග ශිෂ්‍යා ඉදිරියේ ගුරුවරයා උපයෝගි කළ යුතුය. ප්‍රායෝගික ක්‍රමය හරහා ඉගැන්වීම ද එක් මාර්ගයකි.
නැමදුම් ඉටු කරන්නා, ලෞකික කටයුතුවල තමන් නිරත කරවීමේ සිතුවිලි දුරු කර ගත යුතුය. සලාතයේ සම්පූර්ණත්වය සහ පරිපූර්ණත්වය පවතින්නේ එහි දී තුළම සිත යොමු කිරීම හමුවේය. එසේ නොමැති නම්, සිතුවිලි වලින් ආරක්ෂා විය නොහැකිය. එබැවින් ඔහු තමාට එරෙහිව සටන් කළ යුතු අතර එයින් ඉවතට නොයා යුතුය.
වුළූ ධෝවනයෙහි තම දකුණතට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම.
කට සේදීම, නාසය පිරිසිදු කර සීරීම යනාදිය අතර අනුපිළිවෙල පවත්වාගෙන යාම ආගමානුගත කරන ලද්දකි.
මුහුණ, අත් දෙක හා පාද දෙක තුන්වරක් බැගින් සේදීම සතුටු දායක වන අතර එක් වරක් සේදීම අනිවාර්යය වේ.
හදීසයේ සඳහන් ක්‍රමයට අනුව වුළූ ධෝවනය හා රකාත් දෙක එකට පෙළගැසුනේ නම්, පෙර කළ පාපයන් සඳහා අල්ලාහ්ගේ සමාව ඒ තුළින් හිමිවනු ඇත.
වුළූ ධෝවනයේ දී සෑම අවයවයකටම සීමාවන් ඇත. මුහුණෙහි සීමාව වනුයේ: සුපුරුදු පරිදි ඉදිරි හිස කෙස් වැවෙන ස්ථානයේ සිට යටි රැවුල හා නිකට දක්වා පහළටත්, එක් කනේ සිට අනෙක් කන දක්වා හරහටත් ය. අතේ සීමාව වනුයේ: ඇඟිළි තුඩු සිට වැළමිට දක්වාය. එනම් බාහුව හා අත අතර පවතින සන්ධියයි. හිසෙහි සීමාව වනුයේ සුපුරුදු පරිදි හිසකෙස් වැවෙන ස්ථානයේ සිට පසුගෙලට ඉහළ දක්වා මුහුණට අනුගත වන ප්‍රදේශයයි. කන්දෙක ජලයෙන් පිරිමැදීම ද හිසෙන් වූ කොටසකි. පාදයේ සීමාව වනුයේ, පාදය හා කෙණ්ඩය අතර පවතින සන්ධියත් (වළලු කර) සමග වූ කොටසයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...