තමත්තුඃ ක්රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ ජමරා නස්ර් ඉබ්නු ඉම්රාන් අල්-ලුබඊ විසින් වාර්තා කරන ලදී. තමත්තුඃ ක්රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය. පසු ව මම නින්දට ගියෙමි. පිළිගන්නා ලද හජ් වන්දනාවකි පිළිගන්නා ලද තමත්තුඃ ක්රකමයෙකි යැයි මිනිසෙකු අමතන්නාක් මෙන් සිහිනයක් දුටුමි. පසු ව මම ඉබ්නු අබ්බාස් වෙත පැමිණ ඒ ගැන පැවසුවෙමි. එවිට එතුමාණන් අල්ලාහ් අති ශ්රේෂ්ඨය. අබුල් කාසිම් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත එය යැයි පැවසූහ.
Explanation
තමත්තුඃ ක්රමය සම්බන්ධයෙන් අබූ ජම්රා තුමාට සිතට යම් අසහනයක් වූවා විය හැක. එවිට එතුමා “දැහැමි හජ් වන්දනාවකි. ඔබ කළ තමත්තුඃ ක්රමය පිළිගනු ලැබූවකි.“ යැයි පවසන නිවේදකයකු සිහිනෙන් දුටුවේය. පසුව එතුමා මෙම සිහිනය පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු පිණිස ඉබ්නු අබ්බාස් තුමා වෙත පැමිණියේය. එම දැහැමි සිහිනය නබිත්වයේ කොටස් අතුරින් එක් කොටසක් දුටු කල්හි ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා ඒ ගැන සතුටු වූහ. නිවැරදි දේට අල්ලාහ්ද එකඟතාව ඵල කර ඇති බව සතුටු වූහ. පසුව එතුමා අල්ලාහු අක්බර් මෙය අබුල් කාසිම් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පිළිවෙත වේ. යැයි පවසා සිටියහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

