HadeethEnc · 1.24.0
යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ." සාලිම් තුමා මෙසේ පැවසීය: 'එසේ නැතහොත් ගොවිපල ආරක්ෂා කරන බල්ලෙකු හැර' යැයි අබූ හුරෙයිරා තුමා පවසමින් සිටියේය. හෙතෙම ගොවිපල සතු අයකු විය.
02
Explanation
දඩයම් කිරීමේ අවශ්‍යතාව මත හෝ පශු සම්පත් හා ගොවිබිම් ආරක්ෂා කිරීමේ පදනම මත හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. වෙනත් අරමුණක් සඳහා එසේ බල්ලෙකු ඇති කරන්නේ නම් ඔහුගේ ක්‍රියාවට හිමි කුසල්වලින් දිනකට කිරාත් දෙකක් බැගින් අඩු කරනු ලැබේ. එය අල්ලාහ් සතු දැනුමෙහි පවත්නා ප්‍රමාණයකි.
03
Benefits
බල්ලන් ඇති කිරීම මුස්ලිම්වරයකුට අවසරය නැත. නමුත් ඇතැම් ව්‍යතිරේක අවස්ථාවන්වල හැර.
බල්ලන් ඇති කිරීමෙහි බොහෝ හානි හා දූෂන ඇති බැවින් ඉන් වැළකී සිටීම. 'බල්ලකු ඉන්නා නිවෙස් තුළට මලක්වරුන් පිවිසෙන්නේ නැති' බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශය තවදුරටත් එය සහතික කරයි. ඊට හේතුව වී ඇත්තේ ජලය හා පස් යොදා වාර ගණනාවක් සේදීමෙන් මිස ඉවත් නොවන මහා නජීස් එහි පවතින බැවිනි.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares