HadeethEnc · 1.24.0
සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ වහලෙකු වූ හානී තුමා විසින් වාර්තා කරන ලදී: උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා මිනී වළක් අසළ සිට ගත් විට තම යටි රැවුල තෙත් වන තුරු හඬා වැළපෙයි. එවිට එතුමාගෙන්, "ස්වර්ගය හා අපාය ගැන මතක් කරනු ලබන විට ඔබ එසේ හඬා නොවැටෙන නමුත් මේ ගැන ඔබ හඬා වැළපෙන්නෙහිය?" යැයි විමසන ලදී. එවිට එතුමා මෙසේ පැවසීය, "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත." "සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත."
02
Explanation
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ පාලකයකු වූ උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා මිනී වළක් අසළ සිට ගත් විට තම යටි රැවුල කඳුලෙන් තෙත් වන තුරු හඬා වැළපෙයි. එවිට එතුමාගෙන් මෙසේ විමසන ලදී: ස්වර්ගය හා අපාය ගැන මතක් කරනු ලැබෙයි. ස්වර්ගය වෙත වූ ආශාවෙන් හෝ අපා ගින්න ගැන වූ බියෙන් හෝ ඔබ හඬා වැළපෙන්නේ නැත. නමුත් මේ මිනී වළ සම්බන්ධයෙන් ඔබ හඬා වැළපෙන්නෙහිද? එවිට එතුමා මෙසේ පැවසීය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. "සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් මිදී සමත් වූයේ නම්, ඉන් පසු ඇති ස්ථාන ඊට වඩා පහසු වනු ඇත. නමුත් එහි ඇති දඬුවමින් මිදීමට අසමත් වූයේ නම් එවිට ඉන්පසු එහි ඇති දඬුවම ඊට වඩා දරුණු වනු ඇත."
03
Benefits
උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාණන් හට ස්වර්ගයේ හිමිකාරත්වය ගැන ශුභාරංචි දන්වා තිබිය දී පවා අල්ලාහ් ගැන එතුමා බියෙන් පසුවීම ගැන පැහැදිලි කිරීම.
මිනීවල හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධකාරී තත්ත්වයන් මෙනෙහි කරනු ලබන අවස්ථාවේ හඬා වැටීම ආගමානුගත කරන ලද්දකි.
මිනීවල තුළ පවතින සැපත හා එහි දඬුවම් ගැන සහතික කිරීම
මිනීවලෙහි දඬුවම ගැන බිය ගැන්වීම.
මිනීවල හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධකාරී තත්ත්වයන් මෙනෙහි කරනු ලබන අවස්ථාවේ හඬා වැටීම ආගමානුගත කරන ලද්දකි.
මිනීවල තුළ පවතින සැපත හා එහි දඬුවම් ගැන සහතික කිරීම
මිනීවලෙහි දඬුවම ගැන බිය ගැන්වීම.
Attribution
[رواه الترمذي وابن ماجه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

