HadeethEnc · 1.24.0
මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. "
02
Explanation
සහාබාවරුන්ට දොස් නැගීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මුහාජිර් හා අන්සාර් සහාබිවරුන් විෂයයෙහි සැලකිලිමත් විය යුතුය. එතුමාණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "ජනයා අතරින් කිසිවෙකු හෝ උහද් කන්ද තරම් රන් වැය කර තිබුණ ද, කිසියම් සහාබිවරයකු වැය කළ ආහාර මුද්දුවක හෝ ඉන් අඩක ප්‍රමාණයක කුසල් ඔහු වෙත ලඟා වන්නේ නැත. "අල්-මුද්දු" යනු සාමාන්‍ය ශරීර මැවීමක් සහිත මිනිසෙකුගේ දෝත පිරෙන්නෙට ඇති ප්‍රමාණය වේ.- එය ඔවුන්ගේ අවංක භාවය, ඔවුන්ගේ චේතනාවේ අව්‍යාජභාවය, ඔවුන් වැය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කා ජයග්‍රහණයට පෙර ඔවුන් යුද වැද තිබීම."
03
Benefits
සහාබාවරුන්ට දොස් නැගීම තහනම් මෙන්ම එය මහා පාපයන්ගෙන් එකකි.
Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

