කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ,
اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ
("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ.
Explanation
اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ ، (අහෝ මෙම ඇරයුමෙහි හිමිපාණනි!) මේවා අල්ලාහ්ට නැමදුම් කිරීම හා සලාතය සඳහා ඇරයුම් කරනු ලබන අදානයේ වදන් වේ. التَّامَّةِ (පරිපූර්ණ) පරිපූර්ණ ඇරයුම. එය දේවත්වය ඒකීයත්වයට පත් කිරීමේ හා දිව්‍ය පණිවිඩයේ ඇරයුමකි. وَالصَّلاَةِ القَائِمَةِ (ඉටු කරනු ලබන සලාතයේ) ඉටු කරනු ලබන සුපුරුදු නැමදුමේ. آتِ (පිරිනමනු මැනව!) හිමිකර දෙනු මැනව, مُحَمَّدًا الوَسِيلَةَ (මුහම්මද්ට වසීලාව හෙවත් උසස් නිලය) එතුමාණන්ට හැර වෙනත් කිසිවකුට දෙනු නොලබන ස්වර්ගයේ උසස් නිලය, وَالفَضِيلَةَ (ෆළීලා හෙවත් මහිමය) මෙම මැවීම්වලට හිමි තරාතිරම්වලට වඩා අමතර තරාතිරම්, وَابْعَثْهُ (ඔහු අවදි කරනු මැනව!) ඔහුට පිරිනමනු මැනව, مَقَامًا مَحْمُودًا (ප්‍රශංසනීය ස්ථානයේ) එහි අවදි වන්නා ප්‍රශංසාවට ලක් වෙයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අතිමහත් මැදිහත් වීමය. الَّذِي وَعَدْتَهُ (ඔබ පොරොන්දු දුන්) එනම්: ඔබේ පරමාධිපති ඔබව ප්‍රශංසනීය ස්ථානයේ ඔබව අවදි කරනු ඇත යන පොරොන්දුව අනුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට හිමි වනු ඇත.
කවරෙකු මෙම ප්‍රාර්ථනාව උසුරන්නේ ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම මතු ලොවෙහි ඔහුට උරුම වනු ඇත. එය ඔහුට අනිවාර්යය වනු ඇත.
Benefits
'වසීලා' හෙවත් උසස් නිලය, 'ෆලීලා' හෙවත් මහිමය, ප්‍රශංසනීය ස්ථානය, මැවීම් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ බලවත් මැදිහත්වීම යනාදිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පිරිනමනු ලැබීමෙන් එතුමාණන්ගේ මහිමය විදහා පෑම.
'මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ඔහුට නියම විය' යන එතුමාණන්ගේ ප්‍රකාශය අනුව එතුමාණන් හට මැදිහත්වීමේ අවස්ථාව ලබා දීම තහවුරු වේ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම නියම වනුයේ එතුමාණන්ගේ ප්‍රජාවේ ප්‍රධානීන් අපා ගින්නට පිවිසීමෙන් වැළැක්වීමට හෝ එහි පිවිසුනු අය ඉන් බැහැර කිරීමට හෝ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ස්වර්ගයට පිවිසීමට හෝ එහි පිවිසෙන අයගේ තරාතිරම් උසස් කිරීමට ය.
අත්-තීබී තුමා මෙසේ පවසයි: ඇරයුමේ ආරම්භයේ වන 'අල්ලාහු අක්බර්' යන වදන සිට 'මුහම්මදර් රසූලුල්ලාහ්' යන වදන දක්වා වූ කොටස -මෙම දුආ ප්‍රාර්ථනාවේ ඇති දවතුත් තාම්මා යන අරාබි පදයෙන් අදහස් වන- පරිපූර්ණ ඇරයුමයි. 'හයියඅලස් සලාහ්, හයියඅලල් ෆලාහ්' යනු ඇරයුම ඉටු කරනු ලබන සලාතය පෙන්වා දෙයි. 'වස්සලාතුල් කාඉමා' සලාතය යන්නෙන් අහදස් වනුයේ ප්‍රාර්ථනාවයි. 'කාඉමා' යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ යමක් මත අඛණ්ඩව නිරත වන විට එය ඉටු කරනු ලැබීමය. මේ අනුව "වස්සලාතුල් කාඉමා" යනු 'දවතුත් තාම්මා' පරිපූර්ණ ඇරයුම පැහැදිලි කරන්නකි. "වස්සලාතුල් කාඉමා" යන වදනින් එම අවස්ථාවේ ඇරයුම් කරනු ලබන, නියම කරනු ලබන, සලාතය යන අදහස ද ඇත.
මුහල්ලබ් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ සලාත් වේලාවන්හි ප්‍රාර්ථනා කිරීම සඳහා උනන්දු කර ඇත. සැබැවින්ම එය ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වීම අපේක්ෂා කළ හැකි අවස්ථාවකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

