HadeethEnc · 1.24.0
චී,චී,එය විසිකරනු.සැබැවින්ම අපි සකාත් දෑ අනුභව නොකළ යුතු බව ඔබ නොදන්නෙහි ද?
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. හසන් -රළියල්ලාහු අන්හු- තුමා සකාත් ඉඳිවලින් ඉඳි ගෙඩියක් රැගෙන තම කටට දමා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “චී, චී, එය විසිකරනු. සැබැවින්ම අපි සකාත් දෑ අනුභව නොකළ යුතු බව ඔබ නොදන්නෙහි ද?“ යැයි පැවසූහ.
තවත් වාර්තාවක, “සැබැවින්ම අපට සකාත් භාණ්ඩ අනුමත නොවේ.“ යැයි සඳහන්ව ඇත.
02
Explanation
හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා සකාත් වශයෙන් රැස් කර තිබූ රට ඉඳිවලින් ඉඳිගෙඩියක් ගෙන තම කට තුලට දැමුවේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කහ් කහ් (චි චි) යැයි පැවසූහ. එනම්: එය ඔබට සුදුසු නැත. පසුව එය තම කටින් එළියට ගන්නා මෙන් නියෝග කළහ. සකාත් භාණ්ඩ මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පවුලේ උදවියට අනුමත නොවන්නකි. හේතුව ඔවුහු මිනිසුන් අතර සිටි ශ්රේෂ්ඨයින් වෙති. සදකාවන් හා සකාත් මිනිසුන්ගේ කිලිටිය. ජනයාගේ කිලිටි හිමි කර ගැනීම ඔවුන් අතර සිටින ශ්රේෂ්ඨයින්ට සුදුසු නොවන්නේය. එය, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම මහප්පා කෙනෙකු වූ අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ්ට පවසා සිටියාක් මෙනි. එනම්: “නියත වශයෙන්ම අපි මුහම්මද්ගේ පවුලේ උදවිය වෙමු. අපට සකාත් භාණ්ඩ අනුමත නොවන්නේය. නියත වශයෙන්ම ඒවා මිනිසුන්ගේ කිලිටිය.“
Attribution
[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

