අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වටා වාඩි වී සිටියෙමු. අප සමග එක් පිරිසක අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) ද වූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් අප අතරින් නැගිට, අපෙන් දුරස්ව ගියහ. අප නැතිව, එතුමාට යම් හානියක් සිදුවේදෝයි අපි බියවීමු. තිගැස්සී නැගිට සිටියෙමු. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා මා විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සොයමින් මම පිටත් වූයෙමි. නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වතුයාය දක්වා පැමිණියෙමි. එයට දොරක් තිබේදැයි එය වටා ගොස් බැලුවෙමි. නමුත් මට කිසිවක් ලැබුණේ නැත. පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් ගලා යන දියපහරක් විය. මම එහි රිංගා අල්ලාහ්ගේ දූතයාණන් වෙතට පිවිසුණෙමි. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. මම, "අල්ලාහ්ගේ දූතයාණනි, එසේය", යැයි පිළිතුරු දුන්නෙමි. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය වෙත පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ජනයා ද සිටිති" යැයි පැවසුවෙමි. "අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න." යැයි පැවසුහ. මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා: "අහෝ අබූ හුරෙයිරා! මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි පැවසුවෙමි. මාගේ පපු දෙක අතරට උමර් තුමා එතුමාගේ දෑතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා! ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත හැරී ගියෙමි. මම හඬා වැළපුණෙමි. උමර් තුමා මා මෙහෙය වූහ. මම ද එහි සළකුණු සමගම සිටියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මාගේ පපු දෙක අතරට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. එවිට එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ, අහෝ උමර්, ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" එතුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසුහ. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් හුදෙක් ඒ මතම රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. ඔවුන්ට ක්‍රියා කරන්නට ඔවුන් අත්හරින්න." යැයි පැවසුහ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."
Explanation
Benefits
සතුටුදායක පුවත් දන්වා සිටීම ආගමානුගත කරන ලැබූවකි.
දේව විශ්වාසය යනු ප්‍රකාශ, ක්‍රියා හා ප්‍රතිපත්ති මත ගොඩ නැගුණකි.
අල් කාළි ඉයාල් සහ තවත් කිහිප දෙනෙකු පවසා සිටිනුයේ: උමර් (රළියල්ලාහු අන්හු) තුමා සිදු කළ ක්‍රියාව හා ඔහුව නැවත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හරවා යැවීම එතුමාණන්ට සිදු කළ පිටුපෑමක් හෝ එතුමාණන්ගේ නියෝගය හෙළා දැකීමක් හෝ නොවේ. එසේ නම්, අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන්ව කවර කරුණක් සමග එව්වේ ද එය ප්‍රජාවේ හදවත් පිවිතුරු කරන්නක් නො වන්නට තිබුණි. ඔවුන්ට එය ශූභාරංචියක් නොවන්නට තිබුණි. උමර් (රළියල්ලාහු අන්හු) තුමා එසේ එය වසන් කිරීම දුටුවේ ඔවුනට එය වඩාත් දැහැමි හා ඔවුන් ඒ මත පමණක් රැඳී නො සිටීමට වඩාත් යෝග්‍යය බවය. තවද සැබැවින්ම මෙම ශුභාරංචිය ප්‍රමාද කිරීම ඔවුන් යහපත් කටයුතුවල අඛණ්ඩව නිරත වන්නට වඩාත් උචිත ක්‍රියාවක් වන බවය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට එතුමා එය ඉදිරිපත් කළ කල්හි එතුමාණන් එය නිවැරදි කර ගත්හ.
නවවි තුමා මෙසේ පවසයි, "සැබැවින්ම නායකයකු හෝ ප්‍රධානියෙකු හෝ පොදුවේ යම් කරුණක් දැක, ඔහුගේ අනුගාමකයින් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් එහි දකින්නේ නම්, අනුගමනය කරනු ලබන්නා එය දකිනු පිණිස අනුගමනය කරන්නා එය ඔහුට ඉදිරිපත් කළ යුතු බව මෙම හදීසයෙන් ගම්‍ය වේ. අනුගාමිකයා පැවසූ දෑ නිවැරදි බව ඔහුට හැඟී ගිය විට ඒ වෙත ඔහු යොමු විය යුතුයි. එසේ නොවන්නේ නම් අනුගාමිකයා විසින් ඉදිරිපත් කළ එම සැක සහිත කරුණට පිළිතුරු දෙමින් ඔහුට පැහැදිලි කළ යුතුය."
මහජන අවශ්‍යතා සඳහා හෝ දූෂනයට ඇති බිය නිසා හෝ අවශ්‍ය නොවන ඇතැම් කරුණු පතුරුවා හැරීමෙන් වැළකී සිටීමේ අවසරය.
ඒක දේවත්වය විශ්වාස කරන වාසීන් හට මෙය ශුභාරංචියකි. කවරෙකු හදවතින්ම අවංක ලෙස 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි සාක්ෂි දරමින් මිය ගියේ ද ඔහුට ස්වර්ගය හිමි වන්නේය.
උමර් රළියල්ලාහු අන්හු තුමාගේ ශක්තිය, එතුමාණන්ගේ ප්‍රඥාව හා එතුමාණන් තුළ තිබූ ගැඹුරු අවබෝධය.
නවවි තුමා මෙසේ පවසයි. "අවසරයකින් තොරව වෙනත් කිසිවකුට අයිති තැනකට පිවිසීමේ අනුමැතිය. එය ඔවුන් දෙදෙනා අතර ඇති ආදරය හෝ වෙනත් කරුණු මත පදනම්ව ඔහු එය පිළිගන්නා බව දැනගත් අවස්ථාවකදී ය."
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

